රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි

රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදේශීය ත්‍රස්තවාදින්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කරගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි.
ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ලිබියාව, සෝමාලියාව ,යේමනය සහ සුඩානය යන රටවල් සඳහා අද සිට අමෙරිකාවට ඇතුළුවිම තහනම් වනු ඇති.
එමෙන්ම බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් සඳහා අමෙරිකාවට ඇතුළු වීම අද සිට අර්ධ වශයෙන් සීමා කර තිබේ.
පසුගියදා අමෙරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේදි ඊජිප්තු ජාතිකයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ විදේශිය ත්‍රස්තවාදින්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම සඳහා එම තීරණය ගත් බව අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.