ගාසා තීරය ඊශ්රායල හමුදා පාලනය යටතට

ගාසා තීරය මේ වන විට මුළුමනින්ම සිය හමුදා පාලනය යටතේ පවතින බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඊශ්රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වැඩි කළේ ය.
ඒ අනුව ගතවු පැය 24 තුළ පමණක් ඊශ්රායල හමුදා ප්රහාරවලින් ගාසා තීරයේ මියගොස් ඇති පලස්තීනුවන් ගණන 83 කි.
මේ අතර ගාසා තීරයේ ළමුන්ගෙන් 93% කට අධික පිරිසක් එනම්, නව ලක්ෂ 30,000 ක් පමණ තවමත් සාගත තත්ත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.
ඒ පසුගිය මාර්තු 02 වන දින සිට ගාසා තීරයට ආහාර හෝ ආධාර ට්රක් රථ ඇතුළු වීම ඊශ්රායලය විසින් අවහිර කර ඇති පසුබිමකදියි.