විදුලි බිඳවැටීම් පැමිණිලි 60,000ක්

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින හතර තුළ (මැයි 21-24) පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400කට අධික ප්රමාණයක් වාර්තා වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.
එමෙන්ම 16,000කට අධික බිඳවැටීම් ඉවත් කර ඇති අතර පස්වරු 03 වන විට පාරිභෝගිකයින් 330,000 කට පමණ විදුලි සැපයුම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
විපතට පත් සියලුම පාරිභෝගිකයන් වෙත විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය විසිහතර පුරා තම සේවය ලබා දෙන බවයි විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සහ සේවා කාර්ය මණ්ඩලය සඳහන් කළේ.