සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ වර්ජන රැල්ලක්

ලබන අඟහරුවාදා (23) සිට රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටත්, පෙබරවාරි 01 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවකදී මේ බව ඒකමතිකව තීරණය කළ බවයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයටත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල් තුළදී අඛණ්ඩ වැඩවර්ජනයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කළ බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.