සෞරග්‍රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට

සෞරග්‍රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට ළඟා වුණා.

තවත් වසර 300කින් පෘථිවියට කඩා වැටෙතැයි අපේක්ෂා කරන බෙන්නු ග්‍රාහකයෙන් මෙම පාෂාණ සාම්පලය ලබාගෙන ඇත්තේ මීට වසර 3කට පෙරයි.

නාසා ආයතනයේ ඔසිරිස් රෙක්ස් මෙහෙයුම යටතේයි මෙම සාම්පල පෘථිවියට රැගෙන ඒමේ කටයුතු සිදු කෙරුණේ.

කිලෝමීටර බිලියන 6.21ක දුරක් ගෙවා මෙම සාම්පලය පෘථිවියට පැමිණ තිබුණා.

ඌටා කාන්තාර ප්‍රදේශයට එම පස් සාම්පලය රැගත් කැප්සියුලය බැලූනයක ආධාරයෙන් ගොඩබැස්සවීම සිදු කෙරුනා.

මෙම ග්‍රාහක සාම්පලය ඇතැම්විට ඉතා භයානක හා විකිරණශීල ගතිවලින් යුතු වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

නාසා විද්‍යාගාර තුළ ඒ පිළිබද පරික්ෂණ සිදු කෙරෙනු ඇති.

https://tinyurl.com/365j3tw8

COMMENTS