පාර්ලිමේන්තුවේ ආසන 3 න් 1 ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට ඉන්දියාව එකඟ වෙයි

පාර්ලිමේන්තුවේ ආසන 3 න් 1 ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට ඉන්දියාව එකඟ වෙයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ සහ ලෝක් සභාවේ ආසනවලින් 3 න් 1 ක් කාන්තාවන්ට වෙන් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත නම් කර ඇත්තේ ‘නාරිශක්ති’ යනුවෙනුයි.

ඊයේ ඊට අදාල විවාදය රාජ්‍ය සභාවේදී පවත්වා ඇති අතර, එහිදී ඒකමතිකව එම පනත් කෙටුම්පත සම්මත කරගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

පෙරේදා එම පනත් කෙටුම්පත සඳහා ලෝක් සභාවේදී පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 456 දෙනෙකු අතරින් 454 දෙනෙකුම ඊට පක්ෂව ඡන්දය ලබාදී තිබුණා.

https://tinyurl.com/2p8uyzr8

COMMENTS