ඩොලරයේ සුළු නැගිටීමක්

ඩොලරයේ සුළු නැගිටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (03) දිනයට සාපේක්ෂව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 312.55ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 308.60 ක් ලෙසින් සටහන් වුණා.

මීට අමතරව අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 326.65 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 322.20 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

COMMENTS