නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවතට – නව නිර්වින්දන ඖෂධයක් අද දිවයිනට

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.
එම ඖෂධ තොගය අද (13) දිවයිනට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය කාලයේ අදාළ නිර්වින්දන ඖෂධ භාවිත කර සැත්කම් සිදුකළ කාන්තාවන් කිහිපදෙනෙකු මියයාමත් සමග මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය.