ඇමරිකාවෙන් තවත් ඖෂධ තොගයක්

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දුන්නා.
ඩොලර් මිලියන 53.03ක් වටිනා මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත නිල වශයෙන් භාරදුන් බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.
අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් සහ පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16ක් ඇතුළත්.