ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ සොයාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

එමෙන්ම වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

“පසුගිය වසරට සාපේක්ෂව ලාදුරු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. මුල් මාස තුන ඇතුළේ අපට ලාදුරු රෝගීන් වාර්තා වුණේ 226ක් පමණයි. මේ අවුරුද්දේ මුල් මාස තුනේ අපිට ලාදුරු රෝගීන් 355ක් වාර්තා වුණා. එක තව විදිහට කිව්වොත් 57%ක පමණ ප්‍රමාණයක වැඩිවීමක්. ජනතාව කලබල විය යුතු නැහැ. ඔබ දන්නවා පසුගිව වසර තුන තුළ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක රෝගීන් හඳුනා ගැනීමේ යම් අඩුවක් වුණා. එතකොට අපිට හඳුනා නොගත් රෝගීන් හඳුනාගැනීම සඳහා යම් ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. අන්න ඒ නිසා තමයි අපිට වැඩිපුර රෝගීන් හම්බෙන්නේ. හමුවුණ රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ, රෝගීන් 64ක් වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්, කළුතර 24ක්, ගාල්ල 24ක් ඊට අමතරව මේ හමුවුණ රෝගීන්ගෙන් 10%ක් පමණ ළමා ලාදුරු රෝගීන්. ඒ නිසා අපි මේ වසර තුළ හඳුනාගත්ත ප්‍රදේශ තුළ වැඩිපුර රෝගීන් වාර්තා වන ප්‍රදේශය අපි සිතියම් ගතකරලා තියෙනවා. ඒ ප්‍රදේශවල තමයි අපි ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යන්නේ.” යනුවෙන්