අධික රස්නයෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික රස්නයෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බව ඔහු පවසයි.

එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.

මේ අතර මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා පවසයි.

එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි.