මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවය.
විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින්, මැණික් ව්‍යාපාරිකයින් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බව වෛද්‍යවරිය සඳහන් කළාය.
පසුගිය කාලසීමාව තුළ ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති අතර මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37දෙනෙකු හඳුනාගෙන ඇති බවද මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.