වතුර පැය භාගයකට වරක් 250ml ක් බොන්න – සෞඛ්‍ය අංශ

උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමගින් විජලනය ඇතුළු රෝග තත්ත්වයන් වළක්වා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද(19) පැවති මාධ්‍ය හමුවක දී එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.