ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

ජනාධිපති රනිලි වික්‍රමසිංහ අලුත් අවුරුද්ද වෙනුවෙන් සැමට සුභ පතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද් දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකට බවත් අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටින බවයි.

කෙසේ නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බව එම පණිවිඩයේ සඳහන්.

තවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට බවයි.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බව ද එම පණිවිඩයේ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිට බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් එම පණිවිඩයෙන් දන්වා සිටින්නේ.

COMMENTS