අලුත් ‘පුෂ්පරාග’ යක් රත්නපුරෙන් සොයා ගැනේ

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබෙනවා.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා යන අය විසින් 2021 වර්ෂයේ දී සිදුකළ අධ්‍යයනයක දී ප්‍රථම වරට මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකි වී තිබෙනවා.
2021 වර්ෂයේ දී වූ මෙම සොයා ගැනීමත් සමග භාතිය ගොපල්ලව විසින් පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන කාලය අතුර තුර ශාක පිලිබඳව පර්යේශණයේ යෙදෙන හර්ශ සම්පත් විසින් දෙවන වරට සිංහරාජය තුළින් සහ ලසිත ප්රගීත්හට තෙවන වරට කලවාන ප්‍රදේශය තුළින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට හැකිව තිබෙනවා.
සිංහල භාෂාවෙන් මෙම පැළෑටිය හඳුන්වන නාමයක් තවමත් නොමැති බැවින් හා මෙය මෙරටට ආවේණික නව භෞමික උඩවැඩියා විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක් ද මෙම පෑලෑටි විශේෂය සඳහා නොමැති නිසා එයට නමක් යෝජනා කිරීමේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ නිසාවෙන් රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ප්‍රභේදයක් වූ පුෂ්පරාග මැණික සිහි වීම සඳහා ‘පුෂ්පරාග’ යන යන යෝජනා වී තිබෙනවා.
ඒ අනුව Gastrodia pushparaga යන විද්‍යාත්මක නාමය සහිත මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Asparagales පෙළපතට අයත් Orchidaceae පවුලේ Epidendroideae උප පවුලට අයත් Gastrodieae ගෝත්‍රයේ Gastrodia ගණයේ G. pushparaga යන විශේෂයට අයත් බවයි පර්යේෂකයන් පවසන්න්නේ.
මෙම නව සොයා ගැනීමත් සමඟ ලාංකාවේ සියළුම දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහළ යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවනවා.
පර්යේෂකයන්ගේ පුරෝකථනයන්ට අනුව ඉදිරියේ දී මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි අතර නව සොයා ගැනීම සිදුකල ශාක විශේෂය පිලිබඳව සකස්කල පර්යේෂණ පත්‍රිකාව අද (14) අන්තර් ජාතික පර්යේෂණ පත්‍ර ප්‍රකාශයට පත්කරන www.biotaxa.org යන වෙබ් අඩවිය තුළ ලෝකයට ප්‍රකාශයට පත්කිරීම සිදු වුණා.




