බටහිර අහසේ බ්‍රහස්පති සහ සිකුරු කිට්ටු වෙයි

බටහිර අහසේ බ්‍රහස්පති සහ සිකුරු කිට්ටු වෙයි

මේ දිනවල දීප්තිමත් ග්‍රහ ලෝක දෙකක සංයෝගයක් බටහිර ක්‍ෂිතිජයේ දැකගත හැකිවනවා.

ඒ අනුව අංශක 10 ක් හැඩයෙන් බ්‍රහස්පති ග්‍රහයාට පහළින් සිකුරු ග්‍රහයා දක්නට ලැබෙනවා.

ආදරයේ දෙවඟන වන වීනස් හෙවත් සිකුරු තරුව සහ රෝම දෙවියෙකු වන ජුපිටර් හෙවත් බ්‍රහස්පති ඉතාමත්ම ආසන්න වන්නේ මාර්තු මස 1 වනදායි.

මේ අතර නාසා ආයතනය ට්විටර් සටහනක් තබමින් දැනුම්දී ඇත්තේ මෙම දීප්තිමත් තාරකා දෙක සහ චන්ද්‍රයා පායා ඇති අයුරු සමීප ඡායාරූපයක් ගෙන ඔවුන් වෙත එවන ලෙසටයි.

ඊට බොහෝ පිරිස් ඡායාරූප එවමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

https://bit.ly/3IrqPs0