රජයේ රෝහල්වල බෙහෙත් හිඟය උග්‍රවෙයි – අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ අතර රජයේ රෝහල්වලදී සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත කල්දැමිය හැකි සැත්කම් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයත් සමඟ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
මෙරට සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍රවී ඇති බවත් වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය කාලය පුරා පෙන්වා දුන්නා.
ජනතාව චෝදනා කළේ මේ හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර දැනට පවතින අත්‍යවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින තත්ත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.
“රජය රු බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කරනවා කියලා කිව්වත් ඒ මුදල් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධවල ඉඳලා විශේෂයෙන්ම හදිසි අනතුරු සේවාවන් පවතින ඖෂධවල සිට සියලුම ආකාරයේ ඖෂධ වර්ග, විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ වර්ග දක්වා විශාල පරාසයක ඖෂධ දැවැන්ත හිඟ වීමකට ලක්වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවල රෝහල්වලින් සපයන්න පුළුවන් ඖෂධ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තහම අත්‍යවශ්‍ය ඖෂධ 150ක් විතර ප්‍රමාණයක දැවැන්ත හිඟයක් තියෙනවා. මේ මාසය තුළ බොහෝ තොග අවසන් වෙමින් පවතිනවා. මෙම තොග නැවත රැස්කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය බොහෝම අවම මට්ටමක තමා තියෙන්නේ.” යනුවෙන්