සම්භාහන චිකිත්සකවරියන් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීමට සැරසෙයි

සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝ දෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුවත් ඒ සඳහා රට තුළ පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා ප්‍රධාන හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති බව යි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීමකට අනුව විදේශීය රටවලින් සම්භාහන චිකිත්සකවරියන් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බවයි.