වෛද්‍යවරුන් රට හැර යෑමෙන් රෝහල් වැසී යාමේ අවදානමක්

වෛද්‍යවරුන් රට හැර යෑමෙන් රෝහල් වැසී යාමේ අවදානමක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍යවරුන් රට හැර යෑම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් විශ්‍රාම යාම හා තරුණ වෛද්‍යවරුන් රට හැර යාම නිසා ඇතැම් රෝහල් වැසී යන තත්ත්වයක් ද උද්ගත වනු ඇති බවට යි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ.

තිස්සමහාරාම වැනි රෝහලක මෙවැනි තත්ත්වයක් ඇති වුව හොත් එම රෝගින්ට කරාපිටිය වැනි රෝහලකය යා යුතු වන බවත් එය රෝගින්ට අපහසු තත්ත්වයක් බවත් ඔවුන් අවධාරණය කරනවා.

තිස්සමහාරහම රෝහල වැනි රෝහල් වැහෙන තත්වයක් ඇතිවුණොත් ඒ අයට කරාපිටිය වැනි රෝහල් වලට යන්න සිදුවෙනවා ඒක ලොකු ප්‍රශ්නයක්.

ඉතා ම අවම පහසුකම් යටතේ සෞඛ්‍ය සේවා සපයන මෙම වෛද්‍යවරුන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමට රජය වහා ම මැදිහත් විය යුතු බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ සඳහා වෛද්‍යවරුන්ගේ වෘත්තිය සංවර්ධන අවස්ථාවන් පුළුල් කළ යුතු බව හා ඒ සඳහා රජය මැදිහත් විය යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කෙරුණු සම්පූර්ණ නිවේදනය පහළින්,