කොවිඩ් 4වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් 4වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් මර්දනය සඳහා හතරවන මාත්‍රාව කඩිනමින් ලබා ගන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය යළි ජනතාවට දැනුම් දෙයි.

අමාත්‍යාංශ ලේකම් ජානක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගැනිමට හැකි බවයි.

විවිධ සංකූලතා සහිත රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව ද, ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, කොවිඩ් රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් මේ වනවිට වාර්තා වන බවය.