අද තවත් කොවිඩ් ආසාදිතයන් 143ක් සහ මරණ 5ක්

අද තවත් කොවිඩ් ආසාදිතයන් 143ක් සහ මරණ 5ක්

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 143 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665543ක් ලෙසටයි.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 707 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 648145ක්.

එමෙන්ම තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක්.

වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි 3 දෙනෙකු සහ එක් කාන්තාවක් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.