අද කොවිඩ් ආසාදිතයින් 154ක් සහ මරණ 4ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665248ක් ලෙසටයි.

එමෙන්ම මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් කාන්තාවක් වනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් ද මියගිය පිරිසට අයත්.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16548ක්.
