හෙට අළුයම කාලේ බ්‍රහස්පති සහ අඟහරු අතර වෙන්න යන දේ

හෙට අළුයම කාලේ බ්‍රහස්පති සහ අඟහරු අතර වෙන්න යන දේ

හෙට (29) අළුයම් කාලයේ දී අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා දෘෂ්‍ය ලෙස එකිනෙකට ආසන්න වෙමින් දීප්තිමත් තනි ග්‍රහලෝකයක් ලෙස දිස්වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.

වැසි වළාකුළු නොමැති පැහැදිලි අහසක් තුළ ලොවපුරා සෑම රටකටම හෙට සිට ලබන 30 වනදා දක්වා හිරු උදාවට ආසන්න වශයෙන් විනාඩි 45කට පමණ පෙර නැගෙනනහිර සහ ගිනිකොණදිග අහසේ ක්ෂිතිජයට ඉහළින් මෙම ග්‍රහලෝක සංසිද්ධිය පියවි ඇසින් පැහැදිළිව දැකගත හැකියි.

මෙම ග්‍රහලෝක සංසිද්ධියේ උච්චතම අවස්ථාව හෙට නැරඹිය හැකි අතර, මේ ආකාරයේ ග්‍රහලෝක සිද්ධියක් යළි දැක ගැනීමට හැකි වනුයේ 2024 අගෝස්තු මාසයේයි.

https://bit.ly/3PQ097q