එන්නත් කාඩ්පත ගැන නිවේදනයක්

එන්නත් කාඩ්පත ගැන නිවේදනයක්

ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මෙරට මිලියන 14.4 ක් ජනතාව කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින නමුදු බූස්ටර් මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණි.

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ඉදිරි සති 2 තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පවසයි.