නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඉහත කටයුතු සඳහා මෙතෙක් පනවා තිබූ සිමා ඉවත් කරමින් නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

සති පොලවල් ඇතුළු විවෘත වෙළෙඳාම් සහ ජංගම වෙළෙඳාම් කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කළ යුතු වනවා.

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් 75% ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,