දැන් හමුවෙන සියළු කොවිඩ් රෝගීන්ට ඔමික්‍රෝන්

දැන් හමුවෙන සියළු කොවිඩ් රෝගීන්ට ඔමික්‍රෝන්

ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළා.

ඔමික්‍රෝන් ආසාදනය වීමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා සඳහන් කළා.

මේ වන විට මෙරටින් හඳුනා ගන්නා සියලුම කොවිඩ් රෝගීන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය තව දුරටත් ප්‍රකාශ කළා.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,844ක්.