විදෙස් යුවළ “මැණිකෙට” නටපු නැටිල්ල (වීඩියෝ)

විදෙස් යුවළ “මැණිකෙට” නටපු නැටිල්ල (වීඩියෝ)

දුම්රිය නැවතුම්පළකදී තරුණයින් පිරිසක් ගායනා කළ ගීතයකට විදේශීය යුවළක් නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ මේ දිනවල සංසරණය වනවා.

ජාත්‍යන්තරයේ රසික පිරිස් අතර ජනාදරයට පාත්‍ර වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා විසින් නව තනුවකට අනුව ගැයීමකට ලක් වුණු “මැණිකේ මගේ හිතේ”ගීතයටයි මෙම විදේශීය යුවළ සිය නර්තනයේ යෙදෙන්නේ.

දුම්රිය මැදිරියෙහි විනෝදයෙන් ගීත ගායනා කරමින් සිටි මෙරට තරුණ පිරිසක් සමගින් මෙම විදේශීය යුවළ සිය සතුට නර්තනයෙන් බෙදා ගන්නා අයුරු දැකිය හැකියි.