මේ රටේ ජනප්‍රියම පුද්ගලයා මම, අනුර වැඩ කරන්නේ රටේ ජනාධිපති වගේ

මේ රටේ ජනප්‍රියම පුද්ගලයා මම, අනුර වැඩ කරන්නේ රටේ ජනාධිපති වගේ

මේ රටේ ජනතාවගේ ගැටලු වලට සිව් මසක් තුල විසදුම් ලබා දිමට වත්මන් රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (07) ඒ බව කියා සිටියේ සෞභ්‍යයා වැඩසටහන යටතේ නාවලපිටිය වැලිගම්පල ප්‍රදේශයේ පවුල් 100 කට ගම්මිරිස් සහ පොල් පැළ ලබා දිමේන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩ් දුරටත් අදහස් දැක්වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ගත වු මාස 07 තුල මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වුයේ තමන් බවයි.

ගොවියන් උද්ඝෝෂණය කරමින් තමන්ගේ රුව සාදා ඒවාට ගිනිතැබුවද ,එය තමන්ගේ ඉදිරි වැඩපිලිවෙලට බාධාවක් කර නොගත් බවයි.

ජනතා විමුක්තිපෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල රටේ ජනාධිපතිවරයා වාගේ කටයුතු කරන බවද ,අමාත්‍යය මහින්දානන්ද මහතා මෙම රැස්විමේදි වැඩි දුරටත් කියා සිටියේය.