මැයි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂය පනී

මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා .
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 42,899 ක් පැමිණ ඇති අතර, එය සමස්ත පැමිණීමෙන් 35.7% ක්
තවද, මැයි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයන් 8,382 ක්, චීනයෙන් 7,965 ක්, ජර්මනියෙන් 6,580 ක් සහ බංග්ලාදේශ ජාතිකයන් 6,470 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා .
මේ අතර, මැයි මාසය සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,017,004 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ .
ඔවුන් අතර, ඉන්දියාවෙන් පුද්ගලයින් 199,958 ක්, රුසියාවෙන් 110,220 ක් සහ එක්සත් රාජධානියෙන් 95,435 ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා