මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 05 වැනිදා

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 05 වැනිදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස (10) වැනිදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසනවා.

ඒ අනූව අගෝස්තු (14) දින දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙනවා.

පළමුවැනි රන්දෝලි පෙරහැර අගෝස්තු මස (15) ආරම්භ කිරීමට නියමිතයි.

එදින සිට පුරා දින 5ක් වීදි සංචාරය කරන පෙරහැර (19) වැනිදාට යෙදෙන පුන් පොහෝ දිනයේ අවසන් මහ පෙරහැර පවත්වනවා.

මේ අනූව ඇසළ පෙරහර මංගල්‍යය 2024 ලබන අගෝස්තු මස 05 වැනිදා සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වන බවයි දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල පවසන්නේ.

COMMENTS