කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමේ

කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ෙගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීම ඊට හේතුවයි.
ඒ අනුව මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
අද (22) උදෑසන සිදුවූ එම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එසේම සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් පසු සුන්බුන් තුළ සිරවී ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අඳාළ ප්‍රදේශය තද බෑවුම් සහිත ස්ථානයක පිහිටා ඇති අතර, ඊට පිටුපසින් තිබූ පස් කන්දකුයි මෙලෙසින් කඩාවැටී ඇත්තේ.
අඳාළ වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බවයි වාර්තා වන්නේ.

