නුගේගොඩ A/L විභාග මධ්‍යස්ථානවලට බාධා නොවන සේ හැසිරෙන්න – පොලිසිය අවධාරණය කරයි

නුගේගොඩ A/L විභාග මධ්‍යස්ථානවලට බාධා නොවන සේ හැසිරෙන්න – පොලිසිය අවධාරණය කරයි

අද (21) නුගේගොඩ ප්‍රදේශයේදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව පවත්වන රැළිය නිසා නුගේගොඩ නගරය තුල පිහිටා ඇති පාසල් ගණනාවක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධාවන් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරනවා.

එබැවින් එවැනි බාධාවන් සිදු නොවන සේ කටයුතු කරන ලෙස රැලියේ සංවිධායකයන් හට දැනුම්දෙන ශ්‍රී ලංකා පොලිසිය, විභාගය පැවැත්වෙන පාසල්වලට බාධා ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කරනවා.

අනුලා බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝන් විදුහල, ශාන්ත ජෝෂප් බාලිකා විදුහල, සමුද්‍රදේවී බාලිකා විදුහල ඇතුලු විදුහල් රාශියක් නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති අතර විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කර ඇති මෙම රැස්වීම පැවැත්වෙන කාලසීමාව තුල 2025 උසස්පෙළ දේශපාලන විද්‍යාව විභාගය පැවැත්වෙනවා

COMMENTS