කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතී

කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අදත් නවතී

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සේවා මෙලෙස අවලංගු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවමත් සිදු කෙරෙන අතර, ඒ නිසා මෙලෙස දුම්රිය අවලංගු කර කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

COMMENTS