21 වැනිදා රැළියට අනිවාර් යයෙන්ම එනවා

21 වැනිදා රැළියට අනිවාර් යයෙන්ම එනවා

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැළිය සඳහා තමන් අනිවාර්යයෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

සිය උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එම රැළිය වෙනුවෙන් අනිවාර්යයෙන්ම ජනතාව පැමිණෙනු ඇති බවයි ඔහු එහිදී පවසා සිටියේ.

මේ වන විට, ආණ්ඩුවට එරෙහිව කතා කිරීමට කවුරුන් හෝ අවශ්‍ය වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS