කටුනායකට පැමිණි ගුවන්යානා තුනක් යළි ඉන්දියාවට හරවා යවයි

කටුනායකට පැමිණි ගුවන්යානා තුනක් යළි ඉන්දියාවට හරවා යවයි

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබුණු ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස එම ගුවන් යානා හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස මත්තලට හරවා යවා ඇති අතර, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

COMMENTS