නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (18) පස්වරු 4:00 සිට හෙට (19) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුම්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

  • මතුගම

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠අරණායක
  • ⁠කෑගල්ල
  • ⁠වරකාපොළ

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ඉඹුල්පෙ

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:

  • බණ්ඩාරවෙල
  • ⁠හපුතලේ
  • ⁠ඌව පරණගම
  • ⁠කන්දකැටිය

කොළඹ දිස්ත්‍රික්කය:

  • පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

  • ඇල්පිටිය

කළුතර දිස්ත්‍රික්කය:

  • වලල්ලාවිට
  • ⁠බුලත්සිංහල
  • ⁠දොඩංගොඩ

මහනුවර දිස්ත්‍රික්කය:

  • ගගවට කෝරළය
  • ⁠උඩුනුවර
  • ⁠උඩපලාත
  • ⁠තුම්පනේ
  • ⁠පාතහේවාහැට
  • ⁠උඩුදුම්බර
  • ⁠ගග ඉහළ කෝරළය
  • ⁠පස්බාගෙ කෝරළය
  • ⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠රඹුක්කන
  • ⁠රුවන්වැල්ල
  • ⁠මාවනැල්ල
  • ⁠දැරණියගල
  • ⁠යටියන්තොට
  • ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • මාවතගම
  • ⁠මල්ලවපිටිය
  • ⁠රිදීගම

මොනරාගල දිස්ත්‍රික්කය:

  • බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:

  • අඹගමුව
  • ⁠හගුරන්කෙත
  • ⁠වලපනේ
  • ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠කිරිඇල්ල
  • ⁠බලන්ගොඩ
  • ⁠කලවාන
  • ⁠කොලොන්න
  • ⁠රත්නපුර

COMMENTS