ගුවන් තොටුපළේ අත්හැර දමා ගිය බෑගයක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

ගුවන් තොටුපළේ අත්හැර දමා ගිය බෑගයක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

ශ්‍රී ලංකා රේගුව විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි රේගු නිලධාරීන් සඳහන් කරන්නේ.

මාස 09 ක කාලයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන්, එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇති අතර, එහි තිබී කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ දහසක් (113,670,000) බවයි සඳහන් වෙන්නේ.

පසුගිය මාර්තු මාසයේ දී තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකු විසින් මෙම ගමන් මල්ල ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අතහැර දමා ගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

COMMENTS