යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් 7979කට නිල උස­ස්වීම්

යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් 7979කට නිල උස­ස්වීම්

යුද්ධ හමුදා 76 වැනි සැම­රු­මට සම­ගා­මීව ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යන් 7979 දෙන­කුට මේ මස 10 දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි නිල උසස් කිරීම් පිරි­නමා ඇත.

ඒ අනුව බල­ලත් නිල­ධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 140 දෙනකු බල­ලත් නිල­ධාරි I නිල­ය­ටත්, මාණ්ඩ­ලික සැර­යන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 818 දෙනකු බල­ලත් නිල­ධාරි II නිල­ය­ටත්, සැර­යන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 1305 දෙනකු මාණ්ඩ­ලික සැර­යන් නිල­ය­ටත්, කෝප්‍රල් නිලයේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 2250 දෙනකු සැර­යන් නිල­ය­ටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 2395 දෙනකු කෝප්‍රල් නිල­යට සහ සාමාන්‍ය සෙබ­ළුන් 1071 දෙනකු ලාන්ස් කෝප්‍රල් නිල­ය­ටත් උස­ස්වීම් ලබා ඇත.

COMMENTS