රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි අරඹයි

මුද්‍රණ කාඩ් හිඟය නිසා නිකුත් කිරීම නතර වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
මෙම හිඟය හේතුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කෙරුණා.
මුද්‍රණය සඳහා රැඳී ඇති බලපත්‍ර ගණන ලක්ෂ 3.5කට ආසන්නයි.
දිනපතා බලපත්‍ර 6,000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් 1,500ක් එක්දින සේවාව යටතේය. සාමාන්‍ය සේවාව යටතේ දිනකට 4,500ක් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.
ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධස්ථාන වලදීයි.
ඒ අනුව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර බෙදා හැරීමට හැකි බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
මේ අතර තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිතයි.

