ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

