ශ්‍රී ලංකා තැපෑලට නව රියදුරෝ 36ක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බදවා ගැනීම හෙට(18) සිදු කෙරෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නවක රියදුරන් 36 දෙනෙකු වෙත පත්වීම් ප්රදානය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිතයි.
කාර්මික ශිල්පීය නිලධාරි 3න්වන ශ්‍රේණිය තැපැල් රියදුරු තනතුරු 40ක් සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ ගැසට් කෙරුනා.
අයදුම් පත් 1500කට අධික සංඛ්‍යාවකින් ප්‍රායෝගික පරීක්ෂණයකට ද යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සම්පූර්ණ කළ 36 දෙනෙකු සඳහායි මෙලෙස පත්වීම් ප්රදානය කෙරෙන්නේ.
මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව යටතේ රියදුරන් 129 දෙනෙකුට ආසන්න පිරිසක් සේවය කරනවා.
පසුගිය වසර කිහිපය තුළ පැවති රජයන් තැපැල් දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරකට සේවකයන් බදවාගෙන තිබුණේ නැහැ.
භෞතික හා මානව සම්පත් සංවර්ධනය උදෙසා වත්මන් රජය ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙලට සමගාමීවයි මෙම පත්වීම් ලබාදීම සිදු කෙරෙන්නේ

