මේ වසරේදී දකුණු කොරියාවට 3469 ක් පිටව යයි

මේ වසරේදී දකුණු කොරියාවට 3469 ක් පිටව යයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, E-9 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසර තුළදී රැකියා අවස්ථා හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙකු නොවැම්බර් මස 11 දින දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකු ද අයත් බවයි සඳහන් වෙන්නේ.

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා 836 දෙනෙකු ද, නිෂ්පාදන අංශයේ රැකියා සඳහා 2512 දෙනෙකු ද, ඉදිකිරීම් රැකියා සඳහා ලාංකිකයින් 28 දෙනෙකු ද, සේවා අංශය සඳහා 32 දෙනෙකු ද, කෘෂි අංශය සඳහා දෙදෙනෙකු ද මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් තිබෙනවා.

E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර, සේවා හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමි වී තිබෙනවා.

COMMENTS