නොවැම්බර් මාසයේ අස්වැසුම හෙට බැංකු ගිණුම් වෙත

2025 නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභී දීමනාව හෙට (13) අස්වැසුම ප්රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.
ප්රතිලාභී පවුල් 1,415,738 ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතයි.
ඒ අනුව, රුපියල් බිලියන 11.2 කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) දින බැර කෙරෙන බවයි සුභසාධන ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

