ජනතාව ඉදිරි මැතිවරණයේදී අනිවාර් යයෙන්ම මේ රජය පෙරලනවා

එළඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළිය වත්මන් ආණ්ඩුව පෙරළා දමන රැළියක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.
ඒ අනුව, මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බල කරවීම සඳහා 21 වැනිදා රැළිය පවත්වන බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනතාව විසින් ඉදිරි මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

