විශේෂඥ වෛද්ය හිඟය තවදුරටත් – සෞඛ්ය අමාත්යාංශය

තවදුරටත් නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය, ශෙල්ය වෙද්ය යන අංශවල විශේෂඥ වෛද්යවරුන්ගේ හිඟයක් ඇතැයි සෞඛ්ය අමාත්යංශය පවසයි.
නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැවසුවේ විශේෂඥ පුහුණුව සදහා විදේශ ගතවූ ඇතැම් වෛද්යවරුන් ආපසු නොපැමිණීම ඊට හේතු වී ඇති බවය.
ඊට අමතරව මෙරට පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුධය හේතුවෙන් ඇතැම් විශේෂඥ වෛද්යවරු විදේශ රටවලට ගොස් තිබේ.
කෙසේ වෙතත් කායික රෝග වෛද්යවරු පද්ධතිය පවත්වාගෙන යාමට ප්රමානවත් තරම් සිටින බවද නියෝජය අමාත්යවරයා සඳහන් කළේ ය.

