බස්රථ සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ කටයුතු මේ මාසය අවසන් වීමට පෙර

බස්රථ සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ කටයුතු මේ මාසය අවසන් වීමට පෙර

මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ඇති බවයි අද (11) පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෑත කාලයේදී බස් රථ 173 ක් නැවත අලුත්වැඩියා කර සේවයට යොදවා තිබෙන බවද, අලුත්වැඩියා කිරීමේ කටයුතු 2026 මැයි මාසයට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වංචා දූෂණ නැති කරමින්, ලංගම ගොඩ ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS