විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා පැවසුවේ, සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව ජංගම සංචාර හා රාත්‍රී සංචාර යොදවා එම මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි ඔහු පැවසුවේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා පැවසුවේ , එම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි.

COMMENTS