මැදපෙරදිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදානම්

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙමින් භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමිනි.

