උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් වන තෙක්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.

නියමිත කාලසටහන් පරිදි අද දිනයේ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවද සඳහන් කළේ ය. .

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කිසිදු ප්‍රමාදයකින් හෝ අවලංගු කිරිමකින් තොරව දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

COMMENTS