නාඋයන අනතුරෙන් රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.
මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.
මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් හදිසි අනතුරකට ලක්වීමෙන් පසුගිය සැප්තැම්බර් (23) විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වුණා.
ජීවිතක්ෂයට පත්වූ භික්ෂූන් අතර විදේශීය භික්ෂූන් වහන්සේ 3 දෙනෙකු ද වන බව පොලිසිය සඳහන් කළා.
ඔවුන්, ඉන්දීය, රුසියානු සහ රුමේනියානු ජාතිකයින් බව අනාවරණය වී තිබුණා.
උන් වහන්සේලා අවුරුදු 27ත් 47ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කර තිබුණේ.

